ගල් අඟුරු නිසා ජනතාව අපහසුතාවට

March 11, 2024 - 2:48 PM
ත්‍රිකුණාමලය වරායේ සිට චීන වරාය හරහා ගැමුණුපුර ගබඩා අංගන වෙත රුගෙන යන ගල් අඟුරු පටවා ගත් රථ වලින් මග දිගට ගල් අඟුරු හැලී යෑම නිසා බලවත් පාරිසරික ගැටළු රැසක් පැන නැගී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පවසන්නේ, මහා මාර්ගයේ වැටී ඇති ගල් අඟුරු මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන වලට යට වී කුඩු වීමෙන් පසු මාර්ගයේ ගමන් කරන සෙසු වාහන වලින් ගල් අඟුරු කුඩු අවට පරිසරයට මුසු වන බවයි.

එමෙන්ම මෙය නතර නොවන්නේ නම් උද්ඝෝෂණයක් සඳහා එළඹීමට සිදු වන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)