මාළු මිලෙහි දැනෙන වෙනසක්

January 03, 2024 - 1:56 PM
වෙළඳෙපොලෙහි මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලොහි කෙළවල්ලා කිලෝවක් රුපියක් 2400ත් 2600 අතර මිලකටත්, තලපත් 3200,3400 අතර මිලකටත්, සාලයා රුපියල් 650කටත්,ඇටවල්ලා 1500කටත්, ලින්නා 1000කටත්, ඉස්සන් 1600ක මුදලකටත් අළෙවිවන බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙහි මාළු මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර කෙළවල්ලා කිලෝව රුපියල් රු 1500, බලයා 900, තලපත් 2000කත්, සාලයා 400කටත් ලින්නා 850කටත් , ගල් මාලු රු 900ක මුදලකටත් අළෙවිවන බවයි වාර්තා වෙන්නේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සහ ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ධීවර ප්‍රජාව පවසන්නේ.
(lknews.lk)