පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

October 30, 2023 - 6:11 PM
ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘පර්සි අන්කල්' ලෙසින් හඳුන්වනු ලබන ප්‍රවීණ ශ්‍රී ලංකා චියර් සංචිතයේ නායක පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වැනි උපන්දිනය සැමරූ නමුත් පසුගිය කාලය තුළ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවුණා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් පර්සි අබේසේකරගේ යහපැවැත්මට සහ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහාය වීම සඳහා රුපියල් මිලියන 5ක මුදලක් ලබා දුන්නා.

පර්සි අන්කල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝතම ආධාරකරුවෙකු ලෙස ප්‍රසිද්ධ අතර ඔහු 1979 ලෝක කුසලානයේ සිට කණ්ඩායමට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ධජය එසවීම සිදුකළා.
(lknews.lk)