ගොඩනැගිලි 52කින් නුවරඑළිය කැත කිරීමට අවසර

November 06, 2023 - 2:38 PM
නුවරඑළිය සුන්දරත්වයට හානි සිදු කරන මහල් 5ට වඩා වැඩි ගොඩනැගිලි 52කට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, නාගරික සංවර්ධන අධිකාරිය සහ නුවරඑළිය මහනගර සභාව විසින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ කරන ලද සංචාරයකදී සඳහන් කර ඇත්තේ, නුවරඑළිය සුන්දරත්වයට බාධා වන බැවින් එම නගරයේ මහල් 4ට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබා නොදෙන ලෙසයි.

එමෙන්ම දැනට ඉදිකර ඇති ගොඩනැගිලිවල හැඩය වෙනස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළව තීරණ ගැනීම සඳහා කාර්යය සාධන බලකායක් ද පත් අතර ඔවුන් විසින් සමීක්ෂණයක් ද සිදු කෙරුණා.

ඒ අනුව නුවරඑළිය නගරයේ මහල් 5ට වඩා වැඩියෙන් ඉදිකරන ලද ගොඩනැගිලි 26කට නාගරික සංවර්ධන අධිකරියෙන් ද ඉතිරි ගොඩනැගිලි 26ට නුවරඑළිය මහනගර සභාව විසින්ද අනුමැතිය ලබා දී තිබෙනවා.
(lknews.lk)