හිටපු මැති ඇමැතිවරු 12කගේ ගිණුම් පරීක්ෂා කිරීමට අවසර
May 22, 2025 - 11:15 AM
රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් 12දෙනක්ගේ ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබාදී තිබෙනවා.
ඒ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනතා අරමුදලින් අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට වඩා ජනපති අරමුදලේ අරමුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් රාජ්‍ය බැංකුවක ගිණුම් පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

(lknews)