බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

December 19, 2023 - 5:24 PM
බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන්. 
 
කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යවල පවතින හිඟතාවය හේතුවෙන් තාවකාලික පියවරක් ලෙස මෙම බඩඉරිඟු ආනයනය කිරීමට නියමිතයි. 
 
සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් මෙම බඩඉරිඟු ආනයනය කිරීමට කටයුතු යොදා තිබුණා. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
(lknews.lk)