පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට අවසර

March 12, 2024 - 2:02 PM
2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.

ඒ අනුව ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.
(lknews.lk)