අභියාචනාධිකරණයේ පුරප්පාඩු විනිසුරු ධූර සඳහා පත්කිරීම් සිදු නොකිරීමට එරෙහිව පෙත්සමක්

July 12, 2024 - 4:14 PM
ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ, අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධූර සඳහා පත්කිරීම් සිදු නොකිරීම හේතුවෙන්.

ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අද (12) අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 

(lknews)