පිලිපීනය සෙළවෙයි

June 24, 2025 - 11:55 AM
පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා.

එම භූමිකම්පනය එරට වෙලාවෙන් අද (24) පෙ.ව. 09:59ට හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක මූලික ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි.

මෙම භූකම්පනයෙන් ඇතැම් ප්‍රදේශවල සුළු කම්පන වාර්තා වී ඇති නමුත් විශාල හානියක් සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)