දුරකථන භාවිතය පහළට

January 18, 2024 - 3:54 PM
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ භාවිතා කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයට සාපේක්ෂවම පහළ වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.


ඒ එම අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුවයි.

ජංගම දුරකථන ඇතුළු උපකරණ සඳහා වැට් පැනවීමත් සමඟ මේ වන විට ජංගම දුරකථනයක මිල රුපියල් 15000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අන්තර්ජාල ග්‍රාහකයින් සංඛ්‍යාව 2023 වසරේ පළමු මාස හයේ දී මිලියන 21.9 දක්වා 1.0%කින් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

2022 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ මෙරට පුද්ගලයින් 100කට ජංගම දුරකථන හා වෙනත් දුරකථන 146.9ක් පැවැති අතර 2023 වර්ෂයේ දී මෙම කාලසිමාවේ දී පුද්ගලයින් 100කට ඇති ජංගම හා වෙනත් දුරකථන සංඛ්‍යාව 137 දක්වා 6.8%කින් අඩු වී තිබෙනවා.
(lknews.lk)