පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ

December 20, 2023 - 12:31 PM
ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. 
ඒ ඊසාන මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග මුහුදේ වාරකන් සමය එළඹීම හේතුවෙන්. 
 
දූපත නැරඹීමට බෝට්ටු මගින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබෙනවා.
 
මුහුදේ මෙම රළු ස්වභාවය බොහෝවිට ලබන වසරේ පෙබරවාරි අවසන් වන තෙක් පවතින අතර ඒ අතරවාරයේ ඇතැම් දිනවල මුහුද සාමාන්‍ය ස්වභාවයක් ගන්නා දිනවල දූපතට නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත් එම දින මෙතෙක් තීරණය කළ නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීන් පැවසුවා.
(lknews.lk)