පිළියන්දල කැළඹු රිය අනතුර

August 03, 2024 - 11:59 AM
පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (02) ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරෙන් අඹුසැමි යුවළක් බරපතළ ලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් වයස අවුරුදු 68 හා 74 වියෙහි පසුවූවන් දෙදෙනෙක් බව සඳහන්.

ත්‍රීරෝද රථය පිළියන්දල දෙසට ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයේ සහ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

(lknews)