ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට ගුවන් යානයක් කඩා වැටෙයි - තුනක් මරුට

July 01, 2024 - 2:53 PM
ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගුවන් යානය කඩා වැටීමත් සමඟ අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇනහිට ඇති බව වැඩිදුරටත් සඳහන්.

ගුවන් යානය කඩා වැටීමට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

(lknews)