කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට ගුවන්යානයක් කඩා වැටෙයි
January 03, 2025 - 11:42 AM
දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට ඊයේ (02) කුඩා ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගොඩනැගිල්ල පුද්ගලයන් 200ක් පමණ වැඩ කරන ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට අයත් ගොඩනැගිල්ලක් වන බවයි.
ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් පිහිටි Fullerton නාගරික ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ යානය මිනිත්තු දෙකකටත් වඩා අඩු කාලයකදී මෙසේ කඩා වැටී තිබෙනවා.
අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර 18දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ පුද්ගලයන් ගෘහභාණ්ඩ නිෂ්පාදන ආයතනයේ සේවකයන් වන බවත් මියගිය පුද්ගලයන් පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නොමැති බවත් විදෙස් මාධ්‍යවල සඳහන්.
(lknews)