ලුණු මෙට්රික් ටොන් 20,000ක් ගෙන්වීමට සැළසුම්
December 07, 2024 - 1:12 PM
ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ලුණු සමාගම් සඳහන් කළේ මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය බවයි.
වැස්සෙන් සහ ජල ගැලීම්වලින් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව එම සමාගම්වලින් කළ විමසුමකදී අනාවරණය වී තිබෙනවා.
(lknews)