ආසියානු සංවර්ධන බැංකුවෙන් සහන ණයක් ලබාදීමට සැලසුම්

December 11, 2024 - 7:52 PM
ලබන වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහන ණය මුදලක් මෙරටට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සැලසුම් කර  තිබෙනවා.

ඒ මෙරටට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන්.

එහි නියෝජතයන් පිරිසක් මේ බව සඳහන් කළේ අද (11) නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ඇතුළු පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

එහිදී ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරන නාගරික සංවර්ධන හා ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතියද විමසා තිබෙනවා.

(lknews.lk)