අක්කර බදු අය කිරීම අත්හිටුවයි

December 12, 2023 - 4:14 PM
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ඒ, අද (12) දින පෙරවරුවේ සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීයි.

අක්කර බදු ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි.
(lknews.lk)