පැළ සිටුවීමේ නැකත හෙට

April 17, 2024 - 5:01 PM
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකත හෙට (18) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව ජාතික නැකත් සීට්ටුවේ සඳහන්ව ඇත්තේ පෙරවරු 10.16ට දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙසයි.

එම ජාතික උත්සවය කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙහි දී පුවක් පැළ ලක්ෂ 15ක් රෝපණය කරන බව වාර්තා වනවා.

(lknews.lk)