ප්ලාස්ටික් තහනම අද සිට

October 01, 2023 - 5:20 PM
නම් කළ ප්ලාස්ටික් තහනම අද (01) සිට ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප බන්දේසි, මල්මාලා ශ්‍රී ලංකාව තුළ ආනයනය කිරීම, විකිණීම සහ නොමිලේ පිරිනැමීම හෝ තනි භාවිතය, එක් වරක් ප්‍රදර්ශනය කිරීම තහනම් වනවා.

වසරකට මෙරටට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 80,000ක් පමණ ආනයනය කරන බව ද සඳහන්.

ඒ අනුව අදාළ නිෂ්පාදන අද සිට වෙළඳ පොළට නිකුත් කළ හොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
(lknews.lk)