ඉදිරි මැතිවරණයට පොහොට්ටුව තනියෙන් එයි

December 23, 2024 - 9:43 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තනිව තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ එම පෙරමුණේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමඟ ගිවිසුම් ගත වීමත් සමඟයි.

පසුගිය දා පැවති විධායක සභාවේදී මේ පිළිබඳව කරුණු සාකච්ඡා කර තිබෙනවා.

එහිදී මහ මැතිවරණයේදී පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා බොහෝ පිරිසක් තම කැමැත්තද  ප්‍රකාශ කර තිබෙනවා.

(lknews)