විදුලි බිලෙන් VAT බද්ද ඉවත් කිරීමට සාකච්ඡා

November 19, 2023 - 4:00 PM
වැඩි කළ VAT බද්ද බලශක්ති ක්ෂේත්‍රයෙන් අය නොකිරීම සඳහා සාකච්ඡා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද ඒ පිළිබඳව සාකච්ඡා කරන බව දිලුම් අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් පැවසූවේ, විදුලි බිල තවදුරටත් වැඩි වීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු වන කඩා වැටීම නැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.
(lknews.lk)