අයිස් සමඟ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට

September 08, 2024 - 2:25 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 840ක්, කඩු 01ක් සහ ජංගම දුරකතනයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝශප් මාවත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.



(lknews)