රෝහිත් ශර්මාව පොලීසියෙන් අල්ලයි

October 19, 2023 - 2:46 PM
පූනේ අධිවේගී මාර්ගයක අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව අධික වේගයෙන් රිය පැදවීමේ වරදට ඔහුට එරෙහිව පොලිසිය දඩ කොළ 3ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු සිය ලැම්බෝගිනි මෝටර් රථය අධිවේගී මාර්ගයේ පැයට  කිලෝ මීටර  215ක වේගයෙන් ධාවනය කළ බව අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පොලිස් නිලධාරීන් යෝජනා කර ඇත්තේ කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ඔහුද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයේ ගමන් කරන ලෙසයි.
(lknews.lk)