ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනයට පොලීසියෙන් කමිටුවක්
May 13, 2025 - 11:26 AM
කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය තීරණය කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු කේ.කේ.කාහිංගල යන නිලධාරීනුයි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර, නිරීක්ෂණ හා නිදේශ සහිත වාර්තාවක් ලබන 30වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම කමිටුව වෙත දැනුම්දී තිබෙනවා.
කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 22දෙනෙක් මියගිය ගොස් තවත් 54දෙනෙක් තුවාල ලබා තිබුණා.
(lknews.lk)