වෑන් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට
April 09, 2025 - 10:31 AM
නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන් රථයක් රියදුරුට පාලන කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ග බාධකයේ ගැටීමෙක් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ පුද්ගලයෙක් තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ රස්නායකපුර පොලීසියට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 37ක කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරු බීමත්ව සිට ඇති බවයි.
(lknews.lk)