උත්සව සමයේ රථ වාහන පාලනයට පොලීසිය සැරසෙයි

April 08, 2024 - 9:48 AM
උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 10,000 කට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ තල්දූව මහතා පවසනවා.

මෙහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරීන් 2000ක පමණ පිරිසක් රාජකාරියේ යොදවන බවයි.

එමෙන්ම අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධරීන් 1000ට ආසන්න පිරිසක් යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


(lknews.lk)