රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට
January 12, 2025 - 10:32 AM
හුංගම පොලිස් වසමේ කොළඹ කතරගම මාර්ගයේ රුවිනිගම හන්දිය ආසන්නයේදී ඊයේ (11) සවස් කාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ රන්න දෙස සිට හුංගම දෙසට ධාවනය වූ කැබ් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී අනතුරුව යතුරුපැදිකරු අසළ තිබූ දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
මිය ගිය පුද්ගලයා අවුරුදු 54ක් වන නෝනාගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම ඔහු අම්බලන්තොට පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක් වන බවයි වාර්තා වන්නේ.
ඔහුගේ දේහය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධ කැබ් රථ රියදුරු ඒ අවස්ථාවේදී බීමත්ව සිටි බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
(lknews)