වෛද්‍ය පීඨ සිසු විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර - පිරිසක් අත්අඩංගුවට

November 09, 2023 - 6:13 PM
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා එම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.

ඒ අනුව මරදාන දුම්රියපොළ ඉදිරිපිටදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මේ අතර එම වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාව අතරතුර 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අදාළ විරෝධතාවය හේතුවෙන් මරදාන ඩීන්ස් පාර අවට රථ වාහන තදබදයක් ද පැවතුණා.
(lknews.lk)