තැපැල් ගාස්තුව ඉහළ යයි?

December 31, 2023 - 11:00 AM
ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාළ නොවන බවයි.
(lknews.lk)