පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිට
April 24, 2025 - 10:40 AM
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කළේ අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේදී උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.
රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින හතර තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවයි.
කෙසේ වෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිරි දළදා වන්දානවේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් හට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි.
(lknews.lk)