විනය ක්‍රියාමාර්ග ගැන කංචනගෙන් ලිපියක්

January 06, 2024 - 2:02 PM
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර, උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ, සේවකයින්ගේ සේවය අත්හිටුවා, පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින්.

එම සේවක පිරිස් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසට ද අදාළ ලිපිය හරහා ඔහු දැනුම්දී තිබෙනවා.
(lknews.lk)