වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ප්‍රභාත් වාර්තා අතරට
November 28, 2024 - 7:22 PM
ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.
ඒ මේ වන විට පැවැත්වෙන සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තෙවන ඉනිමේදී කඩුල්ලක් බිඳ දැමීමත් සමඟයි.
ඔහු එම කඩයිම පසු කිරීම සඳහා වැය කළේ තරග 17ක් පමණයි.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ ක්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා වාර්තා අතරට එක්ව සිටියා.
දිල්රුවන් සිය ටෙස්ට් කඩුලු 100 වාර්තා කිරීමට වැය කළ තරග සංඛ්‍යාව 25ක්.
මේ අතර ලොව වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයට ප්‍රභාත් ජයසූරිය පත්වුණා.
ලොව වේගවත්ම ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ ක්‍රීඩකය ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ තරග 16කින් එම කඩයිම පසු කළ එංගලන්තයේ George Lohmann.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 42ක් පමණයි.
(lknews.lk)