2023 උසස් පෙළ සිසුන්ගේ ප්‍රයෝගික පරීක්ෂණ අද ඇරඹේ

February 20, 2024 - 10:16 AM
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ අද ( 20 ) දින සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයන් වල ප්‍රයෝගික පරීක්ෂණ අද සිට ආරම්භ වනවා.

මෙම විෂයන්හි පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අයැදුම්පතෙහි සඳහන් ලිපිනයන්ට ද යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත් භාගත කළ හැකියි.

මේ අතර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ලබන 22 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.
(lknews.lk)