උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමට සූදානමක්

March 12, 2024 - 11:10 AM
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීම සම්බන්ධව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පැවසුවේ, මෙරට සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා හැකි ඉක්මනින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)