CID යටතේ නව විමර්ශන ඒකක පිහිටුවීමට සූදානමක්
February 11, 2025 - 4:22 PM![](https://lknews.lk/sinhala/data/202502/1739271169_7238520cid.jpg)
සංකීර්ණ විමර්ශන හැසිරවීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය එහි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) යටතේ නව අංශ හඳුන්වා දී තිබෙනවා.
මූල්‍ය අපරාධ විමර්ශන අංශයක් (FCID), නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයක් සහ මධ්‍යම අපරාධ විමර්ශන අංශයක් පිහිටුවීම ඊට ඇතුළත්.
පොලීසිය ප්‍රකාශ කර සිටියේ බස්නාහිර සහ දකුණු පළාත් හැර අනෙකුත් සියලුම පළාත් පුරා පළාත් අපරාධ අංශ පිහිටුවන බවයි.
අපරාධ සහ මූල්‍ය විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් (SDIG) මූල්‍ය අපරාධ සහ නීති විරෝධී වත්කම් විමර්ශන අධීක්ෂණය කරනු ඇති අතර, විශේෂිත ඒකක හයක් සංවිධානාත්මක අපරාධ, සයිබර් අපරාධ, මිනිස් ජාවාරම, සමුද්‍ර අපරාධ සහ බුද්ධි විශ්ලේෂණය කෙරෙහි අවධානය යොමු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)