නරක් වූ සහල් කන්ටේනර් 32ක් මුදාගැනීමේ සූදානමක්

January 19, 2024 - 2:17 PM
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කන්ටේනර් 32ක් වරායෙන් මුදා ගැනීමට, අනුමැතිය ලබාදීම සදහා පාරිභෝගික අධිකාරියේ සූදානමක් පවතින බව, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ , පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේ අද (19) දිනයේ කැඳවා ඇත්තේද ඒ සදහා අනුමැතිය ලබා දීමට බවයි.

සත්ත්ව ආහාර සඳහා ලබා දීමට බව පවසමින් මෙම සහල් තොගය මුදා වෙළදපොළේ ඇති සහල් සමඟ කළවම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් මෙම සිදුවීම පිටුපස සිටසන බවද, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතාන මහතා සඳහන් කළා.
(lknews.lk)