ජනපති අනුර මේ ඉරිදා ඉන්දියාවට

December 10, 2024 - 7:04 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 15 වනදා සිය ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඔහු සමඟ විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එම සංචාරයට එක් වන බවයි.

ජනාධිපතිවරයා දෙසැම්බර් 15 වනදා සිට 17 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉන්දීය ජනාධිපතිවරයා සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

(lknews.lk)