ජනපති බෝරා නායකයා හමුවට

March 04, 2024 - 9:26 AM
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ, ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක නිරත වූ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කර ඇති බවයි.

එමෙන්ම බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේ දී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බව සඳහන් වනවා.
(lknews.lk)