Profit ගෙනා රූපවාහිනියේ සභාපති

February 25, 2024 - 8:00 PM
රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් 2014 වසරේ සිට පාඩු ලැබූ රූපවාහිනී සංස්ථාව 2023 අගෝස්තු සිට මේ දක්වා ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත් වුණා.

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ කැන්බරා ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් විදුලි සංදේශ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත් අයෙක් වනවා.

එමෙන්ම ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම පන්තියේ උපාධියක් සමඟින් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ විද්‍යාවේදී ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ I කොටසේ සහ II කොටසේ බලපත්‍රලාභියෙකු වන අතර 1991 වර්ෂයේ දී මූල්‍ය ගිණුම්කරණය, ව්‍යාපාර ගණිතය සංඛ්‍යාලේඛන සහ දත්ත සැකසීම පිළිබඳ ආයතනයෙන් ඇගයීමට ලක්වූ අයෙක් වනවා.

2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඒ මහතා පත් වූ අතර 2023 අගෝස්තු සිට මේ දක්වා එම සංස්ථාව පෙර නොවූ විරූ ආකාරයෙන් ලාභ ලබන තත්වයකට ගෙන ඒමට ඔහු සමත් වුණා.

මේ එහි දත්ත වාර්තා,
(lknews)