අමෙරිකානු තානාපතිනිය සහ ජනපති රනිල් අතර සාකච්ඡාවක්

January 11, 2024 - 9:59 AM

අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඒ අනුව, එක්සත් ජනපද – ශ්‍රී ලංකා සබඳතා සහ කලාපීය ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම පවතින අභියෝග සහ අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බවයි අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වැඩි දුරටත් සඳහන් කළේ.
(lknews.lk)