පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති විමර්ශන කමිටුවක් පත් කරයි

June 12, 2024 - 6:01 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා.

මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ අල්විස් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වනවිට අවසන් කළ යුතු බව සඳහන්.

(lknews)