ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බව ජනපති විශ්වාස කරයි

July 04, 2024 - 10:52 AM
2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම ගත් තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් බවට ජනාධිපතිවරයා තරයේ විශ්වාස කරන බවයි.

මේ අතර ඊයේ (03) ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එම පුද්ගලයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥයින් සමඟ මේ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් ලබා නොගත් බවයි.

(lknews)