ජනපති විසින් සන්නද්ධ හමුදා කැඳවයි

December 27, 2024 - 12:13 PM
දිවයිනේ නම් කළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) නිකුත් කර තිබෙනවා.

ඒ දිවයිනේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහායි.

ඒ අනුව අද (27) සිට බල පැවැත්වෙන පරිදි යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා සේවයේ නිරත සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමට නියමිතව තිබෙනවා.



(lknews)