ගාල්ල ගැන ජනපති ගත් තීරණය

March 14, 2024 - 3:23 PM
ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපතවරයා පෙන්වා දුන්නා.

ගාල්ල කොටුව ආශ්‍රිතව පවතින රජයේ කාර්යාල රැසක් එම ස්ථානවලින් ඉවත් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
(lknews.lk)