වී මිලදී ගැනීමට ජනපති කෝටි 50ක් දෙයි

March 14, 2024 - 4:10 PM
වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හෙට (15) සිට අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම වී ගබඩා දෙකක් බැගින් වී මිලදී ගැනීම සඳහා විවෘතව තබන බවයි.
(lknews.lk)