ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීමට ජනපතිගෙන් උපදෙස්

November 27, 2024 - 7:34 PM
තාක්ෂණික තොරතුරු මත පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීයි.

ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දී ඇත්තේ මේ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි.

(lknews.lk)