නිල සංචාරය අවසන් කළ ජනපති යළි දිවයිනට

June 15, 2025 - 10:21 AM
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ දින 03ක නිල සංචාරයක් සඳහා පසුගිය 10වනදා දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් - වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවයි.

ඔහු සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

(lknews.lk)