ජනාධිපති අරමුදලේ දීමනාවක් 100% දක්වා වැඩි කරයි

January 04, 2024 - 6:10 PM
ජනාධිපති අරමුදල මෙම වසරේ සිට 100% දක්වා වෛද්‍යාධාර දීමනා වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

ඒ මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම් ඇතුළත් කරමින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 
 
ඒ අනුව වෛද්‍යාධාර ලබාදීමේදී සැලකිල්ලට ගන්නා මාසික ආදායම් සීමාව ද රු. 200,000.00 දක්වා ඉහළ නංවා තිබෙනවා. 
 
මෙමගින් මූල්‍ය දායකත්වයන් ලබාදීමේ සහ සෞඛ්‍ය සේවාවන්ට අවතීර්ණ වීමේ පුළුල් ප්‍රවේශයක් සහතික කිරීම හරහා ජනතාවට සහය ලබාදීමට ජනාධිපති අරමුදල කැපවී සිටින බවයි එහි දැක්වෙන්නේ.
(lknews.lk)