පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් ප්‍රහාරාත්මක පිළිතුරක්

October 03, 2023 - 11:47 AM

පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජර්මනියේ Deutsche Welle රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 නාලිකාව සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා එම අදහස් පළ කර ඇත්තේ.
(lknews.lk)