2025 වසරේ වැඩපිළිවෙල ගැන ජනපති කියයි
January 01, 2025 - 4:31 PM
නව වසරේදී රට අලුත් පරිවර්තනයක් කරා ගෙන යාම රජය විසින් සිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (01) Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කරමින්.
එහිදී ඔහු කියා සිටියේ මේ වසරේදී ඇති අභියෝග වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින අතර නව දේශපාලන සංස්කෘතියක් යටතේ වසර ආරම්භ කිරීමට සූදානම් බවයි.
එමෙන්ම දූෂණය සහ වංචාව තුරන් කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවද රාජ්‍ය ආයතනවල සහය ඒ සඳහා අවශ්‍ය වන බවද ඔහු වැඩිදුරත් කියා සිටියා.
මේ අනුව එළඹෙන අයවැයේදී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(lknews)